
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට එරෙහි වෙමින් පුද්ගලයින් පිරිසක් මතුගම නගරයේ උද්ඝෝෂණයක නිරත වී තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්, තියුණු ආයුධ වලින් මිනිසුන්ට පහර දීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණ වල නඩු විභාග වෙමින් පවතින මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව, සැකකරුගේ මව ඇතුළු කණ්ඩායමක් මෙම උද්ඝෝෂණය සිදුකර ඇති බව මතුගම පොලිසිය පවසයි.
මාස කීපයකට පෙර මෙම සැකකරු විසින් පුද්ගලයකුගේ දෑත් වෙන්වන ලෙස කපා දමා ඇති බවද පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
ඊයේ දිනයේ(12) මෙම උද්ඝෝෂණයට සහභාගී වූ පිරිසගෙන් බහුතරය මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් බවද පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart