
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළාත් පාලන නියෝජිතයින් සඳහා ජනතාව බලය ලබා දී ඇත්තේ බලයේ සිටින ජාතික ජනබලවේගය හෝ වෙනත් ඕනෑම ස්වාධීන පක්ෂයක් විසින් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා ජනතාවට සේවය සැලසීම සඳහා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න පවසයි.
එහෙත් ඇතැම් පළාත් පාලන ආයතනවල පවතින තත්වය හමුවේ ජනතාවට සේවය සැපයීම සඳහා බාධා මතුව ඇති බවත්, එම තත්වය දිගින් දිගටම පවත්වා ගෙන යාමට ජාතික ජනබලවේගය අපේක්ෂා නොකරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
ඔහු පෙන්වාදෙන්නේ, ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග නීත්‍යානුකූලව සිදුකිරීමට රජය මැදිහත් වන බවයි.
එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කිරීම්, බියවැද්දීම් රජය කිසිසේත් අනුමත නොකරන බව පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ නීත්‍යානුකූලව කටයුතු කරන සියලු නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා රජය බැඳී සිටින බවයි.
නියමිත කාලසීමාව තුළ බලය පිහිටුවීමට අපොහොසත් වන පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් නීතියට අනුකූලව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට රජය පසුබට නොවන බවද අමාත්‍යවරයා පැවසුවේය.
බලය පිහිටුවීමේ අවස්ථාව ලබානොදෙන්නේ නම් එම ආයතන කොමසාරිස් පාලනය යටතට ගැනීමේ ප්‍රතිපාදන පවතින බවද ඇමැතිවරයා වදිසුරටත් පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart