
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ධවල මන්දිරය ආන්දෝලනාත්මක අනාවරණයක් සිදුකර තිබේ.
ඒ ඔහුට පවතින නිධන්ගත රෝගයක් පිළිබඳවය.
ඒ අනුව ධවල මන්දිරය පවසා ඇත්තේ ට්‍රම්ප්ගේ අත්වල පවතින තැලීම් පිළිබඳ සිදුකළ පරීක්ෂණවලදී ඔහුට නහර ආශ්රිත රෝගයකින් පෙළෙන බව හඳුනාගත් බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් නිධන්ගත නහර රෝගයකින් පෙළෙන බව ධවල මන්දිරය ඊයේ නිවේදනය කළේ, ඔහුගේ අතේ තැලීම් පෙන්නුම් කරන ඡායාරූප සම්බන්ධයෙන් දින ගණනාවක් පුරා පැවති කතාබහකින් අනතුරුවය.
ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පවසන පරිදි, මෑතකදී ඔහුගේ පාද ඉදිමීමේ තත්වයක් උද්ගත වී ඇති අතර, ට්‍රම්ප් සනාල පරීක්ෂාව ඇතුළු සම්පූර්ණ පරීක්ෂණයකට භාජනය වී තිබේ.
79 හැවිරිදි ට්‍රම්ප්, ඔහුගේ යහපත් සෞඛ්‍යය ගැන නිතරම නිතරම පුරසාරම් දෙඩවූවකු ලෙස ප්‍රකට වී සිටියි.
ඔහු වරක් තමාව හඳුන්වා දී තිබුණේ එතෙක් ජීවත් වූ සෞඛ්‍ය සම්පන්නම ජනාධිපතිවරයා ලෙසයි.
ට්‍රම්ප්ට පවතින බවට මෑතකදී සොයාගන්නා ලද නහර රෝගී තත්ත්වය නිධන්ගත ශිරා ඌනතාව ලෙස හැඳින්වේ.
එය සිදුවන්නේ පාදයේ නහර හදවතට රුධිරය පොම්ප කිරීමට අසමත් වූ විට එය පහළ අත් පා වල එකතු වී පසුව ඒවා ඉදිමීමත් සමගය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart