June 11, 2026

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිරදඬුවම හා දඩයට එරෙහිව ශෂී වීරවංශ ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න සඳහන් කළේ අභියාචක විත්තිකාරියට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් තීන්දුව ස්ථීර කරන බවයි.

අදාළ චෝදනාවට වරදකරු කෙරුණු ශෂී වීරවංශ ඉකුත් 2022 වසරේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර දෙකක සිරදඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබිණි.

එම දඬුවම්වලින් තමන් වන නිදහස් කරන ලෙස ඉල්ලා ඇය විසින් කොළඹ මහාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කළාය.