
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස්පති චන්දන ඩී. වික්‍රමරත්නට ලබාදී ඇති සති තුනක සේවා දිගුව අනුමත නොකිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය නොතකා ක්‍රියාකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බැවින්, ඊට කිසිවෙක් විරුද්ධ වන්නේ නම්, එය (ජනාධිපතිවරයාගේ පියවර) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝග කළ හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙක් සඳහන් කර ඇත.
ජූනි 26 සහ ඔක්තෝබර් 09 වැනි දින පිළිවෙළින් පළමු හා දෙවැනි මාස තුනේ සේවා දිගුව අවසන් වූ ඔහුට, ඔක්තෝබර් 13 වැනිදා තවත් සති තුනක සේවා දිගුවක් ජනාධිපතිවරයා විසින් ලබාදුන් නමුත්, අඟහරුවාදා (17) රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් එය අනුමත කර නොමැත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය නොතකා කටයුතු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවත්, කෙසේවෙතත් එම සභාවට ඒ සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි බවත්, එහි සාමාජිකයෙක් සඳහන් කර තිබේ.
අඟහරුවාදා (17) රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිදු වූ දේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේ සඳහන් කර ඇත.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කාර්යභාරය ඉතා පැහැදිලියි. ජනාධිපතිවරයා අපට නාමයෝජනා පත්‍රයක් යොමුකළාම ඒ තනතුර දැරීමට අදාළ පුද්ගලයා සුදුස්සෙක්ද නැද්ද යන්න පමණක් අනුමත කළ යුතුයි. අනික අපිට ඒ පත්වීම හරිද වැරදිද කියලා මතයක් කියන්න බෑ.
මෙම අවස්ථාවේ දී, අප අනුමත කරන්නේ සේවා දිගුව නොව, පුද්ගලයායි. කළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් අනුමත කරපු කෙනෙක්ගෙ නම සඳහන් කරන එකත් තේරුමක් නැති දෙයක්. නමුත් ජනාධිපතිවරයා අපට නමක් යොමු කළා. සමහරු එකඟ වූ අතර සමහරු එකඟ වුණේ නෑ. අවසාන වශයෙන්, සේවා දිගුව අනුමත නොකිරීමට තීරණය කළා.”
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාදී නොතිබුණද, මේ වනවිට රටින් බැහැරව සිටින ජනාධිපතිවරයා විසින් වික්‍රමරත්න නැවත පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත.
චීනයේ සිව්දින නිල සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා සති තුනක කාලයක් සඳහා වික්‍රමරත්න යළි පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස බීජිං නුවර සිට අදාළ ඉහළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart