September 1, 2026

බලංගොඩ, පින්නවල-ඇල්ලරාව ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවියන් තිදෙනෙකු අතුරුදහන් වීම සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

පොලිසියට අනුව, බලංගොඩ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන මෙම සිසුවියන් තිදෙනා ඊයේ (31) අමතර පන්තියකට සහභාගී වීම සඳහා නිවෙස්වලින් පිටව ගොස් ඇති අතර, පසුව නැවත නිවෙස් වෙත පැමිණ නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගේ මාපියන් විසින් බලංගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අතුරුදහන් වූ සිසුවියන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස බලධාරීන් සහ මාපියන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි:

* බලංගොඩ පොලිස් ස්ථානය: 045-2287222
* මාපියන්ගේ දුරකථන අංක: 076-7070913 / 077-1658788

බලංගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.