
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගල් අඟුරු ආනයනයේ දී සිදුවන ඇති අර්බුදය ඉදිරි විදුලි ගාස්තු සංශෝධන හරහා විදුලි පාරිභෝගිකයන් වෙත පටවනු නොලබන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
අද නිකුත් කළ නිවේදනයක, මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ, ගාස්තු සංශෝධන යෝජනා සළකා බැලීමේදී විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම සඳහා දරන සාධාරණ පිරිවැය පමණක් සැළකිල්ලට ගන්නා බවයි.
මෑත කාලීන විදුලි ගාස්තු සංශෝධන තීරණයේදී පවා, ගල් අඟුරු සිද්ධියට සම්බන්ධ අතිරේක වියදම් හෝ වෙනත් අසාධාරණ වියදම් අනුමත කර නොමැති බව කොමිසම සඳහන් කළේය.
ගල් අඟුරු අර්බුදයෙන් පැන නගින ඕනෑම අමතර පිරිවැයක් හෝ වෙනත් අසාධාරණ වියදම්, ඉදිරි විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලින් බැහැර කිරීමට කොමිසම ඒකමතිකව තීරණය කර ඇති බව එහි තවදුරටත් සඳහන් විය.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අනුව, මිලකරණ ක්‍රියාවලියේදී අසාධාරණ යැයි සැළකෙන වියදම්වලින් විදුලි පාරිභෝගිකයන්ට බරක් නොවන බව සහතික කිරීම මෙම තීරණයේ අරමුණයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart