
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිර්දේශ මත පාර්ලිමේන්තුව විසින් අවශ්‍ය නීතිමය විධිවිධාන සම්මත කළ සැණින්, ඕනෑම අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තමන් සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබේ.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දැනට පවතින නීතිමය බාධාවන් සහ එම ගැටලුවලට විසඳුම් ලබා දෙමින් මැතිවරණය පැවැත්වීමට පහසුකම් සැලසීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුව ද සිය නිරීක්ෂණ අදාළ කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇත.
පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය පිළිබඳ සොයා බලා එහි නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ මැතිවරණ කොමිෂන් සභාවෙන් මෙලෙස අදහස් විමසා තිබිණි.
අමාත්‍ය විජිත හේරත්ගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති තේරීම් කාරක සභා රැස්වීමේදී මෙම සාකච්ඡාව සිදුවූ අතර, එහිදී මැතිවරණ කොමිෂන් සභාව සිය ස්ථාවරය පැහැදිලි කර ඇත.
මෙම රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුණ හේමචන්ද්‍ර, නීතිඥ සුනිල් වටගල සහ මුනීර් මුලෆර් ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, ශානක්‍යන් රාසමාණික්කම්, ධර්මප්‍රිය විජේසිංහ, සමන්මලී ගුණසිංහ සහ ලක්ෂ්මන් නිපුණ ආරච්චි ද සහභාගී වූහ.
ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මේ සඳහා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart