
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නෙදර්ලන්තයේ අගනුවර වන ඇම්ස්ටර්ඩෑම් හි ප්‍රසිද්ධ වොන්ඩෙල් පල්ලිය, අලුත් අවුරුදු සැමරුම් උත්කර්ෂවත් ලෙස පැවැත්වෙමින් තිබියදී ඇති වූ ගින්නකින් බොහෝ දුරට විනාශ වූ බව ප්‍රාදේශීය විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
මීටර් 50 ක් පමණ උස (අඩි 164) ක් උස පැරණි කතෝලික පල්ලියේ කුළුණ සහ වහලය ගින්නෙන් කඩාවැටී ඇති අතර, හදිසි සේවා ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, වසර 154 ක් පැරණි ගොඩනැගිල්ල “තවදුරටත් ගලවා ගත නොහැකි” බවයි.
“මෙම ස්මාරක පල්ලියේ එය ඉතා දැඩි හා භයානක ගින්නක්” යැයි ඇම්ස්ටර්ඩෑම් නගරාධිපති ෆෙම්කේ හල්සෙමා ශෝකයෙන් පැවසීය.
ගිනිකෙළි සංදර්ශනවලින් මිනිත්තු කිහිපයකට පසු ගින්නක් ඇතිව තිබේ.
මධ්‍යම රාත්‍රියෙන් ටික වේලාවකට පසු ගින්න මුලින්ම වාර්තා වූ අතර, එය ඉක්මනින් විශාල ගින්නක් දක්වා වර්ධනය වී ඇත.
ලන්දේසි නාවික හමුදාව ගින්න මැඩපැවැත්වීම සඳහා එහි මීටර් 60 ක් උස ගුවන් වැඩ වේදිකාව යෙදවූ බව නිලධාරීන් පැවසීය.
බ්‍රහස්පතින්දා උදෑසන ගින්න පාලනය කිරීමට පෙර තද සුළං මගින් ගිනිදැල් ව්‍යාප්ත කළ ආකාරය එරට ජනමාධ්‍ය වාර්තා කළේය.
පූර්වාරක්ෂාවක් ලෙස අසල මහල් නිවාස විශාල සංඛ්‍යාවක් ඉවත් කරන ලදී.
කිසිවෙකුට තුවාල සිදුවී නොමැති අතර, ගින්න ඇතිවීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.
කෙසේවෙතත්, ගිනිකෙළි දැල්වූ මධ්‍යම රාත්‍රියට ආසන්නව ගින්න ආරම්භ වූ බැවින්, නගරයේ අලුත් අවුරුදු උදාවේ ගිනිකෙළි ද ඊට දායක වන්නට ඇති බවට අනුමාන මතුවෙමින් තිබේ.
2020 දී ඇම්ස්ටර්ඩෑම් මහජනතාවට ගිනිකෙළි විකිණීම තහනම් කළ නමුත්, නීතිවිරෝධී ඒවා බොහොමයක් තවමත් නගරය පුරා පදිංචිකරුවන් විසින් දල්වා තිබිණි.
වොන්ඩෙල් පල්ලිය යනු නව-ගොතික් ගොඩනැගිල්ලක් වන අතර එය රිජ්ක්ස්මුසියම් සහ ඇම්ස්ටර්ඩෑම් මධ්‍යම දුම්රිය ස්ථානයට ද වගකිව යුතු සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පී පියරේ කුයිපර්ස් විසින් නිර්මාණය කරන ලදී.
1977 සිට මෙම ගොඩනැගිල්ල පූජනීය ස්ථානයක් ලෙස භාවිත කර නොතිබූ අතර උත්සව ස්ථානයක් ලෙස නැවත භාවිත කර ඇත.
පල්ලියේ ගින්න නෙදර්ලන්තයේ අලුත් අවුරුදු සැමරුම් විනාශ කළ සිදුවීම් කිහිපයකින් එකකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart