
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජය විසින් රහසිගතව කෙටුම්පත් කර ඇති සමාජ මාධ්‍යයන්ගේ සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ නව පනත් කෙටුම්පත මගින් සමාජ මාධ්‍ය හරහා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට විශාල ගැටලුවක් ඇති වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙන්වාදෙයි.
ජනමාධ්‍යය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති නීතිඥවරයා සඳහන් කරන්නේ, මෙම කෙටුම්පතට පටහැනිව ක්‍රියා කරන පුද්ගලයන්ට දැඩි දඩුවම් නියම කරන ප්‍රතිපාදන ගණනාවක් එහි අන්තර්ගත බවයි.
මෙම ප්‍රතිපාදන අනුව කොමිෂන් සභාවක් පිහිටුවීමට සැලසුම් කරන අතර, එම සභාව මගින් සත්‍ය අසත්‍ය තීරණය කරනු ඇතැයිද, මෙම පනත් කෙටුම්පත නීතිගත වුවහොත් සේවා සපයන්නන්ට දඩුවම් පැමිණවෙන අතර, එවිට ලංකාව තුළට සේවා සපයන, විදේශීය සේවා සපයන්නන්ගේ සේවා සැපයීම අඩාල වනු ඇතැයිද ඔහු පෙන්වාදෙයි.
සමාජ මාධ්‍ය හරහා තම දේශපාලන අදහස් ප්‍රකාශ කරන අයට පමණක් නොව තම ව්‍යාපාරවලට සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයන්ට හා එදිනෙදා කටයුතු සදහා සමාජ මාධ්‍ය භාවිත කරන අයටත් මේ හරහා විශාල ගැටලුවක් විය හැකි බවද ජනාධිපති නීතීඥවරයා වැඩිදුරටත් පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart