August 24, 2026

අතුරුදන්ව සිටි බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර මහියංගනය, මාපාකඩ 17 කණුව ප්‍රදේශයේ වන ලැහැබක තිබී අද (24) උදෑසන සොයාගත් බව මහියංගනය පොලිසිය තහවුරු කරයි.

ඊයේ (23) රාත්‍රියේ සිට වියානා ඇළ අසල අතහැර දමා තිබූ සැකකටයුතු මෝටර් රථයක් පිළිබඳව ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය, එය අතුරුදන් වූ වෛද්‍යවරයාගේ වාහනය බවට හඳුනාගෙන තිබේ.

පසුව ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව සිදුකළ සෙවුම් මෙහෙයුමකදී වාහනය අසල වන ලැහැබක තිබී ඔහුගේ මෘතශරීරය හමු වී තිබේ.

සිරුර අසල තිබී යම් ඖෂධ පෙති වර්ගයක් ද සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.