
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව වැනි පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ධුර කාලය තුළ 2023 සහ 2024 වසරවලදී අසීමාන්තික ලෙස ඉන්ධන භාවිත කර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විශේෂ විගණන වාර්තාවක් උපුටා දක්වමින් ‘දිනමිණ’ පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, කථානායකවරයා 2023 දී මාසිකව සාමාන්‍යයෙන් ඉන්ධන ලීටර් 3,994 ක්ද, 2024 දී ලීටර් 6,122 ක්ද භාවිත කර ඇත. මෙය 2022 වසරට සාපේක්ෂව පිළිවෙළින් 66% ක සහ 155% ක අධික වර්ධනයකි. මේ සඳහා 2023 වසරේදී රුපියල් 1,93,73,866 ක් සහ 2024 වසරේදී රුපියල් 2,60,45,103 ක අතිවිශාල පිරිවැයක් දැරීමට සිදු වී තිබේ.
මීට අමතරව අනෙකුත් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවභාවිතයන් කිහිපයක් ද විගණනයේදී නිරීක්ෂණය වී ඇත.
– නියෝජ්‍ය කථානායකවරයා නිල වාහන තුනට අමතරව පෞද්ගලික මෝටර් රථය සඳහා රුපියල් ලක්ෂ 85 කට අධික වටිනාකමකින් යුත් ඉන්ධන ලීටර් 21,299 ක් ලබාගෙන තිබේ.
– පාර්ලිමේන්තු මහ ලේකම් 2022-2024 කාලයේදී භාවිත කළ ඉන්ධන ලීටර් 15,063 හි වාර්ෂික සාමාන්‍යය ලීටර් 5,021 කි. මෙය රාජ්‍ය සේවයේ ඉහළම ඉන්ධන සීමාව ඇති අමාත්‍යාංශ ලේකම්වරයෙකුට වඩා ලීටර් 2,300 ක අතිරික්තයකි.
– කාර්ය මණ්ඩල ප්‍රවාහනය සඳහා ලිඛිත ගිවිසුමකින් තොරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 9 ක් මගින් කාර්ය මණ්ඩලය නොමිලේ ප්‍රවාහනය කිරීමට 2016 සිට 2024 දක්වා රුපියල් මිලියන 335 කට අධික මහජන මුදලක් වැයකර ඇත.
අදාළ වාර්තාව මගින් 1953 අංක 09 දරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනත යාවත්කාලීන කිරීම සහ නිලධාරීන්ගේ ඉන්ධන භාවිතය සඳහා ස්ථාවර සීමාවන් පැනවීමට නිර්දේශ කර තිබේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart