
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට දිස්ත්‍රික්ක හතරකට අයහපත් බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත.
මෙසේ ආපදාවට ලක් වූ දිස්ත්‍රික්ක සබරගමුව, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර යන පළාත්වල ස්ථානගත වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.
නවතම වාර්තාවලට අනුව මේ හේතුවෙන් පවුල් 27,714 ක පුද්ගලයන් 89,489 දෙනෙක් පීඩාවට පත්ව ඇත.
එමෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්ට් දූපත, කයිට්ස් දූපත, චාවකච්චේරි, මරුතන්කේනි, සහ චංකානයි යන ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ලවිය හැකි බවටද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවා තිබේ.
මීට අමතරව, නැගෙනහිර පළාතේ කින්නියා, සේරුවිල, කුච්චවේලි, වේරුගල්, මුතූර් සහ ගෝමරන්කඩවල ප්‍රදේශවල පුද්ගලයෝ 8,000 ක් පමණ වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිති.
මෙම වසරේ ඔක්තෝබර් මාසය දක්වා ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබෙනු ඇතැයි පසුගියදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart