
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අද (17) අලුයම මාලබේ පොලිස් වසමට අයත් තලාහේන, පරාක්‍රම පාරේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික නිවසේදී වෙඩි වැදීමෙන් මියගොස් ඇති බව ශ්‍රී ලංකා පොලිසිය නිල නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කරයි.
පොලිසිය සඳහන් කරන්නේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ වික්රමරත්නව කොළඹ පෙරදිග ශික්ෂණ රෝහලට (මුල්ලේරියාව රෝහල) ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් තහවුරු කර ඇති බවයි.
මෙම සිදුවීමට අදාළව මේ වන විට ක්‍රියාත්මක විමර්ශන කටයුතු පිළිබඳ තොරතුරු පහත පරිදි වේ:
මාලබේ පොලිස් ස්ථානය මඟින් මේ පිළිබඳව මූලික විමර්ශන ආරම්භ කර ඇත. ඊට අමතරව බස්නාහිර පළාත් දකුණු දිසාව භාර අපරාධ විමර්ශන අංශය සහ මාලබේ පොලිසිය ඒකාබද්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මේ වන විට සිරුර රෝහලේ තැන්පත් කර තිබේ.
සී.ඩී. වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස රාජකාරි කළේය.
ඔහු 2020 නොවැම්බර් 27 වැනිදා සිට 2023 නොවැම්බර් 23 වැනිදා දක්වා මෙරට පොලිස්පති ධුරය හෙබවීය.
මියයන විට ඒ මහතා 63 වැනි වියේ පසුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart