
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2027 අයවැය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය.
එහිදී ඔහු පෙන්වා දුන්නේ අන්ධ ලෙස වියදම් කපා හැරීමෙන් හෝ අධික ලෙස බදු පැනවීමෙන් රට මුහුණ පා සිටින මෙම අර්බුදය විසඳිය නොහැකි අතර එමගින් වර්ධනය විනාශ වී රැකියා අහිමි වී ආර්ථික ප්‍රකෘතිය දුර්වල වනු ඇති බවයි.
2015, 2016 සහ 2017 වර්ෂවලදී තමන් සිදු කළ පරිදිම අයවැයක් ඉදිරිපත් කරන විට එයින් පිළිබිඹු වන්නේ අනාගතයේදී රට පවතින ස්ථානය බව පැවසූ මන්ත්‍රීවරයා ආයතනික සැලසුම්කරණයේදී හෝ රටක දිගුකාලීන සැලසුම්කරණයේදී සලකා බලන්නේ එය බව ද පැවසුවේය.
එමෙන්ම රට දෙසත්, එහි ජීවත් වන ජනතාව දෙසත්, මහා, කුඩා හා මධ්‍ය පරිමාණ වශයෙන් බෙදී ඇති ව්‍යාපාරික අංශය දෙසත්, විදේශ රටවල් දෙසත් අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන් ඔහු ජීවන වියදම හරහා ජනතාවට ඇති වන බලපෑම, ආයෝජන උපායමාර්ග, සමස්ත ආර්ථිකය මෙන්ම නූපන් අනාගත පරපුරට අප රට භාර දෙන්නේ කෙසේද යන්නත් කිසිවිටෙක අමතක නොකළ යුතු බව ද අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart