January 11, 2024

කොළඹ තරුපහේ හෝටලයක සේවකයකුව සිටිමින් රුපියල් කෝටි 08කට වැඩි මුදලක් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ චීන ජාතිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (09) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි චීන ජාතිකයකු බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

චීන ජාතික මෙම සේවකයා හෝටලයේ මුදල් අටකෝටි පහළොස් ලක්ෂ තිස් දෙදහසක් වංචා කර තිබෙන බවට එම හෝටලයේ කළමණාකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පසුගියදා (08) කරන ලද පැමිණිල්ලකට අනුව එම දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේ අනුව සැකකාර චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.(අරුණ)