
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඊයේ (02) තීන්දු කළේය.
විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාලන ලෙස දමිතා අබේරත්න අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
දමිතා අබේරත්න සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ විනිසුරු මඩුල්ල පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට තීරණය කරමින් පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙස නියෝග කර තිබේ.
ඉන් අනතුරුව පෙත්සම යළි මැයි මස 16 වනදා කැඳවීමට නියම කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart