
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බැංකු ගනුදෙනු සඳහා භාවිත කරන ATM කාඩ්පතක් සොරකම් කර මුදල් ලබාගත් පොලිස් කොස්තාපල්වරයකු මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර දළදා මාලිගාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
එම පොලිස් ස්ථානයේම සේවය කරන පොලිස් කොස්තාපල්වරයකුගේ බැංකු කාඩ්පතක් සොරකම් කර එමගින් රුපියල් 105,000 මුදලක් පොලිස් කොස්තාපල්වරයා විසින් ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.
මහනුවර පොලිසිය විසින් විමර්ශන සිදුකර, සැකකාර පොලිස් කොස්තාපල්වරයා සතුව තිබී රුපියල් 75,000 ක මුදලක් සොයාගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අද(27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart