
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටා නොහොත් නදුන් චින්තක නමැති සංවිධානාත්මක අපරාධකරුට පළායෑමට ආධාර, උපකාර කළ බව කියන පොලිස් කොස්තාපල් රවිදු සංදීප ගුණසේකරගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
පසුගිය 10 වැනිදා මාංචු ලිහිල්කර හරක් කටා නමැත්තාට පළායෑමට ආධාර අනුබල දුන් බව කියන මෙම පොලිස් කොස්තාපල්වරයා, එම සිදුවීමෙන් පසුව පළාගොස් ඇත.
ත්රිකුණාමලය ප්රදේශයේ පදිංචිකරුවකු බව කියන මෙම පොලිස් කොස්තාපල්වරයා සොයා මේ වන විට කණ්ඩායම් කිහිපයක් විමර්ශනවලට යොදවා ඇති බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart