
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගය මේ වනවිට දිවයින පුරා පළාත් පාලන ආයතන 219කට අධික සංඛ්‍යාවක සිය බලය පිහිටුවා ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, කිසිදු තනි පක්ෂයක් පැහැදිලි බහුතරයක් ලබා නොගත් සභා 63 කද බලය පිහිටුවීමට ජාතික ජනබලවේගය මේ වනවිට සමත්ව තිබේ.
මේ අතර සමගි ජන බලවේගය සහ වෙනත් විපක්ෂ කණ්ඩායම් මේ වන විට ප්‍රාදේශීය සභා 87ක බලය පිහිටුවා ඇත.
සමගි ජනබලවේගය මගින් බලය පිහිටුවන ලද ප්‍රාදේශීය සභා 30 අතුරින්, 28 කම එම පක්ෂයට බහුතර බලයක් නොමැති නමුත් සන්ධානගතව ඔවුන් පාලනය භාරගෙන තිබේ.
ඉලංකෙයි තමිල් අරසු පක්ෂය ප්‍රාදේශීය සභා 20ක බලය තහවුරු කරගෙන ඇති අතර ඒ අනුව තනි පක්ෂයක පාලනය යටතේ ඇති තුන්වැනි වැඩිම පළාත් පාලන ආයතන සංඛ්‍යාව ඔවුන් සතු වේ.
ඊයේ වන විට ස්වාධීන කණ්ඩායම් හෝ වෙනත් දේශපාලන පක්ෂ විසින් ප්‍රාදේශීය සභා 19ක බලය පිහිටුවා තිබිණි.
ඒ අතරින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ප්‍රාදේශීය සභා 06 බැගින් ද, ලංකා කම්කරු කොංග්‍රසය ප්‍රාදේශීය සභා 03 ක් ද, එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා පෙරමුණ ප්‍රාදේශීය සභා 02 බැගින් ද බලය පිහිටුවා ඇත.
අධිකරණ නියෝග මත ප්‍රාදේශීය සභා 18ක් පිහිටුවීම විවිධ හේතූන් මත කල් දමා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart