
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආන්දෝලනාත්මක චීන පර්යේෂණ යාත්‍රාවක් වන ෂි යැන් 6 කොළඹ වරායට පැමිණීමට එරෙහිව ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවිය යුතු බව ඉන්දියාවේ ‘පට්ටලී මක්කල් කට්චි’ හෙවත් PMK පක්ෂයේ නායක අන්බුමනි රාමදෝස් ප්‍රකාශ කර ඇත.
මෙම නැව දින 17ක් පුරා පර්යේෂණවල නිරත වෙමින් ඉන්දියාව කම්පනයට පත්කරන සාධකයක් බවට පත්වනු ඇති බව ද ඔහු පවසා තිබේ.
රාමදෝස් ප්‍රකාශ කර ඇත්තේ, චීන නැව සිදුකරන පර්යේෂණය ඉන්දියාවේ දකුණු ප්‍රදේශය පිළිබඳ ඔත්තු බැලීමේ උත්සාහයක් බවත්, මෙම නැව තමිල්නාඩුවට සහ ඉන්දියාවේ අනෙකුත් සියලුම ප්‍රාන්තවලට තර්ජනයක් වන බවත් ය.
ඉන්දීය රජයේ බලපෑම් හරහා ද චීන නැව ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කිරීමට උත්සාහ කරන බවත්, එසේ නොකළහොත් ශ්‍රී ලංකා රජය චීන නෞකාවට කොළඹට පැමිණීමට අවසර ලබාදෙනු ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.
ෂී යැන් 6 නෞකාව ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් තිබෙන අතර එය මේ වන විට අන්දමන් දූපත් ආසන්නයේ පවතින බව වාර්තා වේ.
සමුද්‍රීය ලුහුබැඳීමේ දත්ත වලට අනුව ෂී යැන් 6 සැප්තැම්බර් 29 වන දින කොළඹ නැම්ගුරම් දමනු ඇතැයි පැවසුව ද, මෙතෙක් ඒ සදහා නිල අවසරයක් මෙරටින් ලබා දී නොමැත.
මෙම නැවේ පැමිණීම ඉන්දියාවේ දැඩි අවධානයට ලක්ව ඇති අතර, කලාපීය සංවිධාන රැසක්ද ඒ පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව දැනුවත් කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔක්තෝම්බර් මාසයේදී සිය චීන සංචාරය අවසන් කරන තෙක් නැව මෙරට නැංගුරම්ලෑම ප්‍රමාද කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart