
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින්නේ “සංවර්ධනය නොවීමේ උගුලකට” මිස “ණය උගුලකට” නොවන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වී ෂෙන්හොන්ග් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ අනාගතය සඳහා ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමක් මිස ණය ප්‍රතිව්‍යුහගත කිරීම පමණක් නොවන බව ද ඔහු පැවසීය.
පසුගියදා කොළඹ පැවති ඉන්දීය සාගරය සහ ඉන්දු පැසිෆික් මානයන් පිළිබඳ භූ දේශපාලන සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
රාජ්‍යයන් අන්‍යයන්ගේ ස්වාධීනත්වයට සහ ස්වෛරීභාවයට ගරු කළ යුතු බවත්, බාහිර ඇඟිලි ගැසීම්වලට විරුද්ධ විය යුතු බවත්, ඔහු එහිදී පවසා ඇත.
ශ්‍රී ලංකාවට සිය තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට, ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ ජාතික අභිමානය ආරක්ෂා කර ගැනීමට මෙන්ම ‘නොසංවර්ධන උගුලෙන්’ මිදීමට චීනය සැමවිටම හවුල්කරුවා වී ඇතැයි ද තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙම සාකච්ඡාවට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ප්‍රංශ තානාපති ජීන්-ෆ්රැන්කොයිස් පැක්ටෙට්, ජපාන තානාපති හයිඩේකි මිසුකෝෂි මෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද සහභාගී වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart