
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විසිදෙවැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද දෙවැනි දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම සිදුවිය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි , අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංගගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙයි.
එහිදී පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය බලංගොඩ කස්සප භික්ෂුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් “යෝජිත සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජනා කර තිබෙනවා. 107(5) ව්‍යවස්ථාව නීතියක් බවට පත් කළේ මෙරට ජනතාව. එමනිසා එම ව්‍යවස්ථාව සංශෝධනය කළ හැක්කේ ජනමත විචාරණයකින් පමණයි. මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වැනි ව්‍යවස්ථාවේ සඳහන් බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බවට රජය වෙත පනවා තිබෙන ප්‍රතිපාදන උල්ලංඝනය වෙනවා” යනුවෙන් කරුණු දැක්වූ කස්සප භික්ෂුව සුත්‍ර පිටකය ඔස්සේ කරුණු ඉදිරිපත් කිරීම සිදුකළේය.
ඒ අවස්ථාවේදී කස්සප භික්ෂුව ඇමතූ අගවිනිසුරුවරයා “සමාවෙන්න ස්වාමීන් වහන්ස… මට ඔබවහන්සේ තරම් ධර්මය ගැන අවබෝධයක් නැහැ. අනිත් විනිසුරුවරු කොහොමද මම දන්නේ නැහැ. මට නම් එතරම් අවබෝධයක් නැහැ. මෙතනදී ධර්මයට වඩා අදාළ වන්නේ නීතියයි. නීතියෙන් තමයි මේකට කරුණු දක්වන්න වෙන්නෙ. ඒ නිසා නීතිය ඔස්සේ කරුණු දක්වන්න” යනුවෙන් ඉල්ලා සිටියේය.
ඉන් අනතුරුව මෙම කරුණු සම්බන්ධයෙන් ලිඛිත දේශන ඔස්සේ කරුණු දක්වන බව කස්සප භික්ෂුව ප්‍රකාශ කළේය.
ඉන් අනතුරුව අදාළ පනත් කෙටුම්පතට සහාය පළකරමින් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුන ආරච්චි වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් අධිකරණය හමුවේ කරුණු දක්වමින් “ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පෙත්සම්කරුවන් සදහන් කළා මෙම සංශෝධනය සම්මත කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය බවට. මේක පිළිගන්න බෑ ස්වාමිනී.. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ගැන කවූරුත් කතාකරන්නේ නෑ. එම සංශෝධනය තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාදිකරණයේ විනිසුරු සංඛ්‍යාව වැඩිකළා. ඒක ජනමතවිචාරණයකට ඉදිරිපත් කළේ නෑ. එසේනම් විනිසුරු විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම ගැටළුවක් වන්නේ කොහොමද? 1972 ව්‍යවස්ථාව විනිසුරු විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 වශයෙන් නියම කර තිබුණා. පසුව 1978 ව්‍යවස්ථාව තුළින් එය අවුරුදු 65 දක්වා වැඩි කළා. යෝජිත පනත් කෙටුම්පත තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ ජනාධිපති වරයාගේ බලතල කප්පාදු වන බවට තර්කයක් ඉදිරිපත් වුණා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමෙන් සහ විනිසුරු සංඛ්‍යාව ඉහළ නැංවීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ ජනාධිපතිවරයාගේ බලය කප්පාදු වීමක් සිදුවන්නේ නෑ. අතීතයේ විනිසුරුවරුන්ගේ නිවාස වලට ගල් ගැසීම සිදුවුණා. ජයවර්ධන පාලන සමයේ මෙම අධිකරණයේ ඇතැම් විනිසුරුවරුන්ට අධිකරණයේ දොර වැසුණා. මේවා තමයි ස්වාධීන අධිකරණයට එල්ල වූ සැබෑම බලපෑම්. නමුත් මෙම පනත් කෙටුම්පත තුළින් එවැන්නක් සිදුවන්නේ නෑ. යෝජිත කෙටුම්පත තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වන්නේ නෑ. අධිකරණ ස්වාධීනත්වය උල්ලංඝනය වන්නේ නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ප්‍රතිපාදනයක් කප්පාදුවට ලක්වන්නේ නෑ. ඒ නිසා අදාළ පනත් කෙටුම්පත ජනතාවගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ජනමතවිචාරණයක් අවශ්‍ය වන්නේ නැහැ.” යනුවෙන් සඳහන් කළා.
අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ නව සිහල උරුමය පක්ෂයේ නායක සරත් මනමේන්ද්‍ර වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්” ශ්‍රී ලංකාවේ ජනගහනය වර්ධනය සහ ජනතාවගේ ආයු කාලය වර්ධනය වීම පිළිබඳව සලකා බැලීමේ දී මෙය ඉතා කාලෝචිත සංශෝධනයක් ලෙස සදහන් කළ හැකියි. 1948 වසරේ පුද්ගල ආයු කාලය වයස අවුරුදු 48-55 ක් අතර පැවතුණා. 1978 වසර වනවිට එය අවුරුදු 67 ක් 69 ක් දක්වා වර්ධනය වී තිබෙනවා. වර්තමානයේ එය පිරිමින්ගේ අවුරුදු 77 දක්වාත් කාන්තාවන්ගේ අවුරුදු 81ක් දක්වා වැඩි වී තිබෙනවා. මෙම ආයු කාල වර්ධනය සලකා බැලීමේදී විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම ඉතා කාලෝචිත බව සඳහන් කළ යුතුයි. පසුගිය කාලයේ බ්‍රිතාන්‍යයේත් විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස 70 සිට 75 දක්වා ඉහල නැංවීම සිදුවුණා. එය සිදුකළේ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡන්දයකින්. ඒ සදහා ජනමතවිචාරණයක් පැවැත්වුවේ නෑ. එම නිසා වත්මන් සංශෝධනය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය වීමක් සිදුවන්නේ නෑ. ඒ නිසා එය ජනමත විචාරණයකට යොමුකිරීම අවශ්‍ය වන්නේ නැහැ” යනුවෙන් සඳහන් කළේය.
අන්තර් සමාගම් සේවක සංගමයේ ලේකම් නීතිඥ ජානක අධිකාරි ඇතුළු අතරමැදි පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චාමර නානායක්කාරවසම් අධිකරණය හමුවේ කරුණු දක්වමින්” විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම තුළින් අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝනය වන බව තහවුරු කෙරෙන කිසිදු නඩු තීන්දුවක් දේශීයව හෝ ජාත්‍යන්තරව හමුවී නෑ. ඒ අනුව මෙම සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට පෙත්සම්කාර පාර්ශවය මතු කරන තර්කය තුළ කිසිදු පදනමක් නෑ. එය ජනමත විචාරණයකින් තොරව සම්මත කළ හැකියි.” යනුවෙන් සඳහන් කළේය.
තවත් අතරමැදි පෙත්සමක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරංජන් අරුල්ප්‍රගාසම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් “බොහොමයක් පෙත්සම් වලින් චෝදනා කර තිබුණා යෝජිත සංශෝධනය තුළින් අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝනය වීමක් සිදු වන බවට. ඒක පිළිගන්න බෑ. විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීම අත්තනෝමතික ක්‍රියාවක් නොවේ. ඇමරිකාවේ විනිසුරු වරයෙකුට ජීවිතාන්තය දක්වා එම තනතුරේ කටයුතු කරන්න පුළුවන්. බ්‍රිතාන්‍යයේ විනිසුරු විශ්‍රාම වයස අවුරුදු 75 ක් ලෙසත් කැනඩාවේ එම වයස් සීමාව අවුරුදු 75 ක් ලෙසත් දක්වා තිබේනවා. ඊට අමතරව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ජැමෙයිකාව වැනි රටවල විශ්‍රාම වයස් සීමාව අවුරුදු 70 ක් ලෙස දක්වා තිබෙනවා. ඒ අනුව විනිසුරු විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ නැහැ” යනුවෙන් සඳහන් කළේය.
පෙත්සම් විභාගය තව දුරටත් පැවැත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart