
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවනරාජාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රතික්ෂේප කළේය.
මෙහිදී වීරසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලද්දේ, “මම තර්ජනය කළා නම් මහේස්ත්‍රාත්වරයාට ඒ වෙලාවෙම මාව අත්තඩංගුවට ගන්න තිබ්බා. උතුරු ප්‍රදේශයේ, දෙමළ මන්ත්‍රීන් පිරිවරා ගෙන මහේස්ත්‍රාත්වරයෙක්ට තර්ජනය කරනවා නම් ඒ තර්ජනය කරන පුද්ගලයාට මොළේ අමාරුවක් තියෙන්න ඕන.” යනුවෙනි.
එමෙන්ම ඔහු පවසන ලද්දේ, “එදා සිදුවූණේ, වසර 2000 පැරණි අපේ බෞද්ධ විහාර සංකීර්ණයේ පොංගල් උත්සවයකට අවසර දුන්නා. හිටපු පළාත් සභා මන්ත්‍රී රවිහරන් මහේස්ත්‍රාත්වරයා සමග කතා බහ කළා. එහිදී මමත් අවසර ඉල්ලුවා මගේ අදහස් ප්‍රකාශ කරන්න. නමුත් රවිහරන්ට අවසර දුන්න මහේස්ත්‍රාත්වරයා මට අවසර දුන්නේ නැහැ. ඒ වෙලාවේ මම නිශ්ශබ්ද වුණා. ඒ මම හමුදා නිළධාරියෙක් වගේම මම නීතිය දන්න නිසා” බවයි.
මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවනරාජාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඒ සදහා විමර්ශන කණ්ඩායමක් යොදවා ඇති බවත් එම කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා තිබේ.
මෙම මහේස්ත්‍රාත්වරයාගේ සිදුවීම මුල් කරගෙන ඊයේ යාපනයේ දී විරෝධතාවයක් පැවැති අතර දේශපාලන පක්ෂ නියෝජිතයින්, නීතීඥයින්, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ද ඊට සහභාගි වී තිබිණි.
දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක සී.වී. විග්නේෂ්වරන් ද විරෝධතා පගමන අතර මෙම මහේස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ අදහස් දක්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart