
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වාර්ෂික බලපත්‍රය අලුත් කරගැනීමට අවශ්‍ය වූ දැවිතෙල් ව්‍යාපාරිකයකුගෙන් අල්ලස් ලබා ගැනීමේ සිදුවීමකට මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් පසුගිය සිකුරාදා (10) අත්අඩංගුවට ගනු ලැබුවේ මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ලබා දීම සඳහා අදාළ දැවිතෙල් ව්‍යාපාරිකයාගෙන් රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේදීය.
රුපියල් කෝටියක අල්ලස් මුදලක් තැරැව්කරුවන් දෙදෙනෙකුගේ මාර්ගයෙන් ලබා ගැනීමට සැළසුම් කර තිබී ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ.
අතාදන්ගුවට ගැනුණු සැකකරුවන් ඊයේ(11) අධිකරණයට ඉදිරිපත් කළ අතර එහි දී හෙට(13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
සුපුන් පතිරගේ 2022 ඔක්තෝබර් මාසයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මධ්‍යම පරිසර අධිකාරියට පත් කරන ලද අයෙක් බවට මාධ්‍ය වාර්තා සඳහන් පළවී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart