
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය සතිය වන විට මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් (Average Weighted Prime Lending Rate – AWPR) 15% මට්ටමෙන් පහළ පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මේ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ පසුගිය සතියේ දී එය 14.81% මට්ටමට පැමිණ ඇති බවත් ඊට පෙර සතියේ දී එම අනුපාතිකය පැවතියේ 15.21% මට්ටමේ බවත් ය.
වසරකට පෙර මෙම අනුපාතිකය 26.89% ක් තරම් ඉහළ මට්ටමකට ගොස් තිබිණි.
මීට සමගාමීව මෙරට ප්‍රධාන පෙළේ වානිජ බැංකු කිහිපයකම, බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකයන් (AWPR) 15% මට්ටමෙන් පහළ පැමිණ ඇති බව නිරීක්ෂණය කළ හැකිවේ.
ඒ අනුව මහජන බැංකුව – 14.36% ක්, හැටන් නැෂනල් බැංකුව – 14.87% ක්, කොමර්ෂල් බැංකුව – 14.06% ක්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව – 14.96% ක් සහ අමානා බැංකුව – 14.46% ක් ලෙසින්, බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය 15% ට වඩා අඩු මට්ටමක පවතින වානිජ බැංකු ලෙසින් සඳහන් කළ හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart