March 20, 2024

මුදල් නෝට්ටු හිතාමතා විකෘති කිරීමට එරෙහිව මහජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර ඇත්තේ, සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි ක්‍රියාකාරකම් ප්‍රචලිත කරමින් විසිතුරු භාණ්ඩ සහ තෑගි භාණ්ඩ සැකසීම සඳහා මුදල් නෝට්ටු භාවිත කරන බව නිරීක්ෂණය වී ඇති බවයි.

ඕනෑම ආකාරයක මුදල් නෝට්ටුවක් විකෘති කිරීමක් හෝ එහි මුල් ආකෘතියෙන් වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවයි.

වරදකරුවන් බවට පත්වන පුද්ගලයන්ට රුපියල් මිලියන 25ක දඩයක් හෝ උපරිම වශයෙන් වසර තුනක සිර දඬුවමක් පැනවිය හැකි බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.