
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඉහළ යාම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.
ජනමාධ්‍ය හමුවේ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු පැවසුවේ රට තුළ පවතින ස්වාධීන මහ බැංකුව මේවා සම්බන්ධයෙන් ලබා දෙන පිළිතුරු මොනවාද යන්න විමසා බැලිය යුතු බවයි.
රටේ මූල්‍ය පද්ධතිය සම්බන්ධයෙන් ගත යුතු තීන්දු තීරණ ප්‍රායෝගික අත්දැකීම් සමග සිදු කළ යුතු ඒවා බවත්, න්‍යායාත්මක තර්කවලින් බැහැරව ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කිරීම බලධාරීන්ගේ වගකීම බව ද ඔහු ප්‍රකාශ කළේය.
ඉල්ලුම සැපයුම අතර පරතරය මෙන්ම ගෝලීය ගැටලු සෑම ආණ්ඩුවකටම බලපාන අභියෝග බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පැවසුවේ මහ බැංකුවේ කාර්යයභාරය වන්නේ ස්වාධීනත්වය තුළින් රට ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම බවයි.
වර්තමානයේදී රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙමින් යන බව පැවසූ මන්ත්‍රීවරයා රටේ විදේශ සංචිත අඩුවෙමින් පවතින බවත්, රටේ දැවෙන ප්‍රශ්නවලට මූල්‍ය අංශය ඔස්සේ පිළිතුරු ලැබී නොමැති බවත් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart