
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස රැඳී සිටීමට ඇති සුදුසුකම් අභියෝගයට ලක් කරමින් ඔහුට එරෙහිව ගොනුකර ඇති ක්වෝ වොරන්ටෝ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් වෙනුවෙන් පෙනී සිටි කනිෂ්ඨ නීතිඥවරයා සඳහන් කළේ නඩුවට පෙනීසිටින ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂයෙන් නියම කර ඇති නඩුවකට පෙනී සිටින බැවින් පෙත්සම කල් දැමීමට ඉල්ලා සිටින බවයි.
ඒ අනුව, දෙපාර්ශවයේම කැමැත්ත ඇතිව, මෙම නඩුව 2025 ජුනි 26 සහ 2025 ජූලි 2 යන දිනවල විභාග කිරීමට නියමිත විය.
පෙත්සම්කරු වන ඕෂල හේරත් වෙනුවෙන් එන්.කේ. අශෝක්භරන් පෙනී සිටියේය.
කනිෂ්ඨ නීතිඥ නිෂාදි වික්‍රමසිංහ 1 වැනි වගඋත්තරකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් වෙනුවෙන් පෙනී සිටියේය.
රජයේ පාර්ශවයන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන පෙනී සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart