
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තරුණියක විවාහ කරගන්නා බවට පොරොන්දු දී එම තරුණියගේ පියා සතු රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනවා කාර් රථය රැගෙන ගිය බව කියන 34 හැවිරිදි පුද්ගලයකු ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් ඊස්වාන් ඊයේ (21) නියෝග කර ඇත.
දඹගිරිගම, නාරම්මල ලිපිනයේ පදිංචි ඩී.එම්. කසුන් දිසානායක හා ජයසුන්දර මුදාන්සේලාගේ චම්පික ශ්‍රියාන් යන නම්වලින් පෙනී සිටින සැකකරු ලක්ෂ 70ක් පමණ වටිනා ටොයෝටා වර්ගයේ කාර් රථයක් මෙසේ රැගෙන ගොස් ඇති බව කොළඹ වංචා විමර්ශන අංශය අධිකරණයට කරුණු දක්වමින් පවසා තිබේ.
කොළඹ රජයේ රෝහලක හෙදි තරුණියකගේ පියාගේ රථයක් සැකකරු මෙසේ රැගෙන ගොස් ඇත.
මීට පෙර කාන්තාවන් තිදෙනකු රවටා ඔවුන් සමඟ විවාහ ජීවිත ගත කරන සැකකරුට එරෙහිව තවත් නඩු අධිකරණයේ පවතින බවත් පෑලියගොඩ, වරාගොඩ, වත්තල යන ප්‍රදේශවල කාන්තාවන් රවටා විවාහ ජීවිත ගත කර ඇති බවත් අධිකරණයට කරුණු ඉදිරිපත්
කර ඇත.
සැකකරු සන්තකයේ තිබී ජාතික හැඳුනුම්පත් දෙකක් මෙන්ම ජංගම දුරකථන සිම්පත් 31 සොයාගෙන තිබේ.
අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන සිදු කරන බවත්, ලබන 27 වැනිදා තවත් නඩුවක් සඳහා ගම්පහ අධිකරණයට සැකකරු ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාරයට නියෝග කරන ලෙසත්, වංචා විමර්ශන අංශය අධිකරණයෙන්
ඉල්ලා ඇත.
වංචාව විමර්ශන අංශය ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝග නිකුත් කරමින් සැකකරු ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart