
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 300 ක වටිනාකමකින් යුත් ජංගම දුරකථන සහ ටැබ් පරිගණක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ 45 හැවිරිදි ව්‍යාපාරිකයකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 13, කොටහේන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන අතර ඔහු නිතර විදේශ සංචාරවල නිරත වන අයකු බව පොලීසිය පවසයි.
සැකකරු පෙබරවාරි 1 වැනිදා පස්වරු 4.30ට කටාර් ගුවන් සේවයට අයත් QR-654 දරන ගුවන් යානයෙන් ගුවන් තොටුපොළට පැමිණ තිබේ.
කෙසේවෙතත්, ඔහුගේ ගමන් මලු එම ගුවන් යානයේ රැගෙනවිත් නොමැති අතර ඒවා වෙනත් ගුවන් යානයකින් ගුවන් තොටුපොළ වෙත එවා ඇතැයි පොලීසිය පවසයි.
ඒවා භාරගැනීම සඳහා සැකකරු පෙබරවාරි 13 වැනි දින ගුවන් තොටුපොළට පැමිණ තිබේ.
රේගු නිලධාරීන් විසින් එම ගමන් මලු පරීක්ෂා කිරීමේදී, ඒවා තුළ සඟවා තිබූ නවීන ජංගම දුරකථන සහ ෆයිස් ටැබ් පරිගණක 180 ක් සොයාගෙන ඇති අතර එහිදී රේගු නිලධාරීන් විසින් ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart