April 27, 2026

ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමාවේ රන් ආලේපිත ඌර්ණ රෝම ධාතුව සොරාගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධව විහාරස්ථානයේ වැඩවාසය කරන අකුරැස්සේ සිරි ධම්මවිමල හිමි විසින් පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක්ද කර ඇත.

මේ සම්බන්ධව පේරාදෙණිය පොලීසිය මහනුවර ඇඟිලි සටහන් ඒ්කකය සහ අපරාධ ස්ථාන පරීක්ෂනාගාර නිලධාරීන් කැඳවා පරීක්ෂණ පවත්වා තිබේ.

සිද්ධිය වූ ස්ථානයේ තිබී කෙස් හෝ රෝම කූප බවට සැකකරන යමක් පොලීසිය සොයාගෙන ඇත.

සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.