
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නැගෙනහිර කල්මුණේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන අන්තවාදී ආගමික කල්ලිය ඩොක්ටර් රයිස් නැමති අයකුගේ නායකත්වයෙන් මෙහෙයවන බව බුද්ධි අංශ ඇතුළු මෙරට ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ.
‘දේශය’ පුවත්පත වාර්තා කරන ආකාරයට, පවතින ඉස්ලාමීය ධර්මයට හාත්පසින්ම වෙනස් තමන් විසින් නිර්මාණය කරන ලද න්‍යායක් තුළ ඔහු මෙම අන්තවාදී අදහස් දරණ බව මෙහිදී හෙළි වී ඇත.
ඉස්ලාමීය ධර්මයේ අධ්‍යාත්මික නායක නබිනායකතුමා ජීවත්ව සිටි සමයට අනුව ඉස්ලාම් ජනතාව ජීවත් විය යුතු බවත්, ඒ අනුව හිස පළඳින තොප්පිය වෙනුවට ජටාවක් බැඳීමට, ගැටලු විසඳීමට පොලිසියට නොගොස් ඒවා ආගමික නායකත්වයෙන් විසඳා ගැනීම, පළඳින ඇඳුම් වෙනස් කිරීම ඇතුළු කාරණා රැසක් ඔහු විසින් වෙනස් කරමින් සිටින බවට ඉස්ලාම් ආගමික නායකත්වය ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබේ.
මෙය ඉස්ලාමීය නිකායක් ලෙස පවත්වාගෙන නොගොස් තට්ටු තුනේ නිවාසයක පහත මාලයේ ඉතාම රහසිගතව ආගමික කටයුතු කරන බවත් දැනට එහි අනුගාමිකයන් 80ත් 100ත් අතර සංඛ්‍යාවක් සිටින බවත් අනාවරණය වී ඇත.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයාවද දැනුවත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන බව ආරක්ෂක අංශ සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart