
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ප්‍රහාරය පිළිබද ප්‍රබලම සාක්ෂිකරුවන් සහ තොරතුරු සහිත පුද්ගලයන් මේ වන විට සිටින්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ බවත්, විවිධ ජනමාධ්‍ය ආයතනවල වැඩසටහන් මත පදනම් නොවී ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කිරීම උචිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ නිදහස ජනතා සභාව අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.
“ඔබ දැක්කානේ, නවතම වාර්තා තමයි චැනල් ෆෝ නාළිකාවෙන් ඉදිරිපත් කරපු පාස්කු ප්‍රහාරය ගැන රූපවාහිනී වාර්තාව. අපි මෙහිදී බලන්න ඕනේ දේශපාලන වාර්තා අයින් කරලා ඇත්තටම මේකට මොකද උණේ කියන කාරණාව. එදා විපක්ෂය හිටපු, අද ආණ්ඩු පක්ෂයෙ ඇමතිකම් දරන මනූෂ, හරින් ප්‍රනාන්දු, ඒ වගේම තමයි විජේදාස රාජපක්ෂ කියන මහත්තුරු කතා කරල කිව්ව ඇත්තටම උණේ මොකක්ද කියලා.
දැන් ප්‍රධාන චෝදනාවක් කරන්නේ එදා විපක්ෂයේ හිටිය අද ආණ්ඩුවේ ඉන්න පිල්ලෙයාන් මන්ත්‍රීතුමාට. 2018 පළාත් පාලන මැතිවරණය පොහොට්ටුව දිනුවේ පාස්කු ප්‍රහාරයට කළින්. රනිල් වික්‍රමසිංහ මේ වගේ දේවල් මාකට් කරන්න කැමති පුද්ගලයෙක්. මේගොල්ලෝ හදන්නේ මේ වගේ පොඩි පොඩි ආතල් අරන් ගිහිල්ලා රටේ ප්‍රශ්න මගහරින්න.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart