
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුරේෂ් සලේ සම්බන්ධයෙන් පොලිසිය බාර ඇමැති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු කරුණු අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සලේට අවශ්‍ය පහසුකම් සපයලා තියෙන බව පැහැදිලියි.නීතිඥ උපදෙස් ලබාගැනීමේ අවස්ථාව, ඥාතීන්ට දුරකතනයෙන් ඇමතීමේ අවස්ථාව, ඥාතීන් මුණගැසීමේ අවස්ථාව, සෙනසුරාදා දිනයේ ආහාර – ඇඳුම් නිවසින් ගෙන්වාගැනීමේ අවස්ථාව ආදී වශයෙන් ඒ අවස්ථා හදලා තියෙනවා.අධිකරණයට අවශ්‍ය දැනුම්දීම්, මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දීම්, අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කිරීම්, මානසික වෛද්‍ය විශේෂඥ, චර්ම රෝග වෛද්‍ය විශේෂඥ වෙත ඉදිරිපත් කිරීම් කරලා තියෙනවා. කොළඹ, කොටුව මහෙස්ත්‍රාත්වරයා සුරේෂ් සලේ බලන්න, ඔහු රඳවා සිටින සිර මැදිරිය නිරීක්ෂණයට අවස්ථා කිහිපයකදි ගිහින් තියෙනවා. මේ අවස්ථාවලදි සලේ කිසිදු අයුතු සැලකීමක් ගැන පැමිණිලි කරලා නෑ. දින සහිතවයි, ඇමැතිවරයා මේ කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙ. කාට හරි කියන්න පුළුවන්, පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුවා වෙලා මේවා කියන්නෙ කියලා. එහෙම නම් ඒ කරුණු අභියෝගයට ලක්කරන්න පුළුවන්. දින සහිතව, නම් සහිතව ඇමැතිවරයා කියන කරුණු අභියෝගයට ලක්කරන්න පුළුවන්. ඒ කරුණුවල අසත්‍ය දේවල් තියෙනව නම් ඒවා අභියෝගයට ලක්කළ යුතුයි.
ඒ වගේම මේ සියල්ලට යටත් ව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ රඳවාගැනීම අනුමත නොකරන බවත් – ඊට විරුද්ධ බවත් නිශ්චිතව ලියන්න ඕනෙ.
එතැනදි, ආණ්ඩුව පැත්තෙන් නිශ්චිතව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව කාල වකවානු සහිතව ඊයේ (09) පාර්ලිමේන්තුවට කියපු බවත් ලියන්න ඕනෙ. ඒ වෙනුවට ඉදිරිපත් කරන පනත් කෙටුම්පත ගැන සංවාදයත් තවදුරටත් පුළුල් වෙන්න ඕනෙ.
අවසානයට, සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තෙ 2026 පෙබරවාරි 25.
ඔහුට මුලින් දින 72ක රැඳවුම් නියෝග ගන්නවා. ඊට පස්සේ 27 වැනිදා දින 90ක රැඳවුම් නියෝග ගන්නවා.
ඒ නියෝගය මැයි 27 අවසන් වෙනවා. නැවත රැඳවුම් නියෝග ගන්නවා.
ඒත් ජුනි 04 වැනිදා, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසට විදෙස් ගමන් තහනමක් පනවන තෙක්, සලෙයි වෙනුවෙන් සත්‍යග්‍රහ ආරම්භ වුණේ නෑ.
(ජනමාධ්‍යවේදී ශාලික විමලසේනගේ ෆේස්බුක් පිටුවෙන්)
(ඡායාරූපය : උදය ගම්මන්පිල ෆේස්බුක් පිටුවෙන්)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart