
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉකුත් අප්‍රේල් මාසයේ සිට පුරප්පාඩු වී තිබෙන විගණකාධිපති තනතුරට ස්ථිර වශයෙන් නිලධාරියෙකු පත්කිරීමට දීර්ඝ කාලයක් පුරා අසමත් වීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(1) වගන්තිය යටතේ ස්ථාපිත කර ඇති විගණකාධිපති කාර්යාලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වගන්තිය යටතේ පවරා ඇති රාජ්‍ය ආයතන සහ අනෙකුත් ආයතනවල ක්‍රියාකාරිත්වයට තීරණාත්මක වැදගත්කමක් ඇති බව නීතීඥ සංගමය එම ලිපියේ සඳහන් කර තිබේ.
විගණකාධිපති තනතුර පුරප්පාඩුව තිබීම ජාතික විගණන කාර්යාලයේ ඵලදායී ක්‍රියාකාරිත්වයට සහ රාජ්‍ය ආයතන හරහා වගවීම සහතික කිරීම සඳහා බරපතල බලපෑම් ඇති කරන බව ද එම සංගමය අනතුරු අඟවයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ගෝලීය කණ්ඩායම්වල සහය ඇතිව ශ්‍රී ලංකාව මූල්‍ය අර්බුදයෙන් ගොඩඑමින් පවතින බැවින් විගණකාධිපතිවරයකු පත්කිරීම හදිසි අවශ්‍යතාවක් බව ද නීතීඥ සංගමය පෙන්වා දී තිබේ.
එමෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානියට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවට වෙනත් රටවලින් අරමුදල් ලැබෙමින් පවතින බවද එම සංගමය පවසයි.
මෙම සන්දර්භය තුළ, රාජ්‍ය ආයතනවල මූල්‍ය වගවීම සහ විනිවිදභාවය අතිශයින් වැදගත් බව ද නීතීඥ සංගමය අවධාරණය කර ඇත.
විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් මෙතෙක් නම්කරන ලද පුද්ගලයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බහුතරයකගේ පිළිගැනීම ලබාගෙන නොමැති බව පෙන්වාදෙන නීතීඥ සංගමය, පක්ෂග්‍රාහී චරිතයකට වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ පුළුල් පිළිගැනීමක් ඇති ඔප්පු කළ නිපුණතාවය, අඛණ්ඩතාව සහ ස්වාධීනත්වය ඇති අපේක්ෂකයකු පත්කිරීම අත්‍යවශ්‍ය බව ද පවසා තිබේ.
නීතීඥ සංගමය පෙන්වා දී ඇති පරිදි, එවැනි පත්වීමක් ජාතික විගණන කාර්යාලය කෙරෙහි විශ්වාසය ශක්තිමත් කරන අතර විගණකාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත වරම සම්මුතියකින් තොරව ඉටුවීම සහතික කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(1) වගන්තියට අනුව ස්ථිර විගණකාධිපතිවරයකු පත්කිරීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බව ද නීතීඥ සංගමය සිය ලිපියෙන් පවසා තිබේ.
එමෙන්ම ජාතික විගණන කාර්යාලයේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය පාලනය තුළ පුරවැසියන්ගේ සහ අන්තර්ජාතික හවුල්කරුවන්ගේ විශ්වාසය පවත්වාගැනීමට මෙම පත්වීම අත්‍යවශ්‍ය බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart