
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අධිකරණ කටයුතු පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරමින්, පාර්ලිමේන්තු වරප්‍රසාද ‘ගසාකෑමේ’ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි.
ජුලි 07 වැනිදා මන්ත්‍රී සරත් වීරසේකර මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය රටේ අධිකරණයට සහ සමාජයට පදනම් විරහිත, නිර්ලජ්ජිත ප්‍රහාරයක් ලෙස දකින බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
මෑත කාලීනව අධිකරණයට එල්ලවන පීඩනයේ ප්‍රවණතාවය මෙම වැදගත් මූලධර්මවලට තර්ජනයක් විය හැකි බව ද නීතිඥ සංගමය සඳහන් කරයි.
එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය පැවතීම සඳහා අධිකරණයට බාහිර බලපෑම් තර්ජන හෝ මැදිහත්වීම්වලින් තොරව ස්වාධීනව කටයුතු කිරීමට ඉඩදිය යුතු යැයි නීතිඥ සංගමයේ අදහස බව එම නිවේදනයේ සඳහන් කර ඇත.
අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කිරීම සහ ඒවා පිළිපැදීම රජයේ සහ විපක්ෂයේ යුතුකම වන අතර, අධිකරණ ක්‍රියාවලියට යම් මැදිහත්වීමක් සිදුකිරීම තරයේ හෙළාදැකිය යුතු භයානක පූර්වාදර්ශයක් බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart