
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විගණකාධිපති සමුදිකා ජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ජාතික විගණන කාර්යාලයේ 2026 වර්ෂය සඳහා වන වාර්ෂික වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) දැනුවත් කර තිබේ.
මෙම රැස්වීමේදී ‘සමෘද්ධි බැංකු’ විගණනය කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇති අතර, එහිදී නිලධාරීන් කාරක සභාවට පෙන්වා දී ඇත්තේ 2025 වර්ෂයට අදාළ විගණනයන් සිදු කිරීම සඳහා 2023 සහ 2024 වර්ෂවලට අදාළ විගණන කටයුතු ප්‍රථමයෙන් නිම කළ යුතු බවයි.
එම විගණන කටයුතු බාහිර පාර්ශවයන් වෙත පැවරීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙතෙක් අවසන් කර නොමැති බවද ඔවුහු එහිදී සඳහන් කළහ.
මෙම විගණන කටයුතු සිදුකිරීම සඳහා මුලින් නිලධාරීන් 300ක පමණ පිරිසක් අවශ්‍ය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබුණද, වසර එකහමාරක කාලයක් තුළ නිලධාරීන් 200 දෙනෙකු බඳවා ගැනීම ඒ සඳහා ප්‍රමාණවත් වන බව විගණකාධිපතිනිය එහිදී ප්‍රකාශ කර ඇත.
සමෘද්ධි බැංකු සඳහා ස්ථිර විගණන රාමුවක් නොමැති වීම පිළිබඳවද නිලධාරීන් මෙහිදී කරුණු පෙන්වා දී තිබේ.
ඊට ප්‍රතිචාර දක්වමින් කාරක සභා සභාපතිවරයා නිර්දේශ කර ඇත්තේ, ඒ පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදුකර සමෘද්ධි බැංකු සහ ඊට අනුබද්ධ සමිති සඳහා යෝජිත විගණන රාමුවක් සලකා බැලීම පිණිස කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසයි.
මීට අමතරව, සයිබර් ආරක්ෂණයට අදාළ කරුණු ද කාරක සභාවේ සමාලෝචනයට ලක්ව ඇත.
ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, විගණන කටයුතු සඳහා සහය වීමට තොරතුරු තාක්ෂණ (IT) විශේෂඥයන් දැනට තම දෙපාර්තමේන්තුව සතුව නොමැති බවයි.
මේ හේතුවෙන් පද්ධති විගණන (System Audits) කටයුතු බාහිර විගණකවරුන් ලවා සිදුකරන බව ඔවුහු පැවසූහ.
එසේම, ‘රිබිල්ඩින් ශ්‍රී ලංකා’ (Rebuilding Sri Lanka) වැඩසටහන වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන ගිණුම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා කර තිබේ.
ජාතික විගණන කාර්යාල නිලධාරීන් කාරක සභා සාමාජිකයන්ට දැනුම්දී ඇත්තේ, Rebuilding Sri Lanka නමින් දැනට කිසිදු ව්‍යවස්ථාපිත අරමුදලක් නොමැති බවත්, එම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මහාභාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා යටතේ පවත්වාගෙන යනු ලබන ගිණුමක් හරහා බවත්ය.
එමෙන්ම, මේ දක්වා එම ගිණුමෙන් කිසිදු මුදල් ගෙවීමක් සිදුකර නොමැති බවද නිලධාරීන් වැඩිදුරටත් තහවුරු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart