
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ආණ්ඩුව ගැසට් පථයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමතිවරයාගේ නියෝග පරිදි අදාළ පනත් කෙටුම්පත ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට නියමිත ව ඇත.
පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත කෙරුණු දූෂණ විරෝධී පනතේ ව්‍යවස්ථාදායක සභාව යන වගන්තිය වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යන වගන්තියද ව්‍යවස්ථාදායක මණ්ඩලය යන වගන්තිය වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යන වගන්තිය ද ආදේශ කිරීම මෙම නව පනත් කෙටුම්පත මඟින් සිදුකර ඇති බව වාර්තා වේ.
මෙම වගන්තියේ පැවති දෝෂ හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නව කොමිශන් සභාව පිහිටුවීම ඇතුළු කරුණු කිහිපයකට බාධා එල්ල වී තිබිණි.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කඩිනමින් එය සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ පවසයි.
මේ අතර, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බව ඇමැතිවරයා සඳහන් කර ඇත.
එය බොහෝ දුරට මෙවර අයවැයෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart