
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පහුගිය දවස්වල දඹුල්ලේ පැවැත්වුණු තුන්කොන් (Tri-Nation) ක්රිකට් තරගාවලිය අතරතුර ශ්රී ලංකා A කණ්ඩායමේ ක්රීඩකයෙක් එක්ක පිට්ටනිය මැද “දරුණු වලියකට” පැටලුණු ඉන්දීය A කණ්ඩායමේ 15 හැවිරිදි නවක ආරම්භක පිතිකරු වෛභව් සූර්යවංශි ගැන දැන් ක්රිකට් ලෝකයේ ලොකු කතාවක් හැදිලා තියෙනවා.
මේ සිදුවීම ගැන හිටපු සුපිරි ඉන්දීය ක්රීඩකයෙක් සහ ප්රකට විස්තර විචාරකයෙක් වන සංජේ මංජ්රේකර් X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් සලකා බැලිය යුතු ප්රකාශයක් කරලා තියෙනවා.
සංජේ මංජ්රේකර් කියන්නේ මොන වගේ ප්රකෝප කිරීමක් ආවත් පිට්ටනිය මැද රණ්ඩු සරුවල් කරගන්න එක, ඇඟට ගොඩවෙන්න හදන එක කිසිසේත්ම අනුමත කරන්න බැරි වැඩක් කියලයි. ඔහු මෙන්න මෙහෙම කියනවා.
“මම ඉන්දීය A කණ්ඩායමේ පුහුණුකරු හරි කළමනාකරු හරි වුණා නම්, ඇෆ්ගනිස්ථාන A කණ්ඩායමට එරෙහිව පැවැත්වුණු තරගයෙන් වෛභව්ව අනිවාර්යයෙන්ම කණ්ඩායමෙන් ඉවත් කරනවා. ඒක කරන්නේ පිට්ටනිය ඇතුළේ මෙහෙම හැසිරෙන එක වැරදියි කියන ප්රබල පණිවිඩය එයාට දෙන්න.”
සංජේ මංජ්රේකර් එහෙම කිව්වත්, ඉන්දීය A කණ්ඩායමේ කළමනාකාරිත්වය මේ 15 හැවිරිදි දක්ෂ කොල්ලා ගැන දිගටම විශ්වාසය තියලා. ඒ නිසාම පසුගිය අඟහරුවාදා ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම එක්ක තිබුණු මැච් එකට ඔහුව ක්රීඩා කරවන්න ඔවුන් තීරණය කළා. වෛභව් සූර්යවංශිත් තමන්ට දුන්නු අවස්ථාවෙන් උපරිම ප්රයෝජන අරන්, පන්දු 28කින් වේගවත් ලකුණු 38ක් දාලා සුපිරි ඉනිමක් ගැහුවා.
ශ්රී ලංකා A කණ්ඩායම සහ ඉන්දියා A කණ්ඩායම අතර පැවැත්වුණු සුපිරි ඕවරයේ (Super Over) තරගයෙන් ඉන්දියාව පරාජය වුණු වෙලාවේ, ශ්රී ලංකා ක්රීඩකයෙක් සහ වෛභව් අතර පිට්ටනිය මැද ලොකු වචන හුවමාරුවක් සහ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
රසිකයෝ සහ හිටපු ක්රීඩකයෝ කියන්නේ ලංකාවේ ක්රීඩකයා මුලින්ම වෛභව්ව ප්රකෝප කළා කියලයි. හැබැයි මංජ්රේකර් කියන්නේ හේතුව මොකක් වුණත් ක්රීඩකයෝ තමන්ගේ හැසිරීම් පාලනය කරගන්න ඉගෙන ගන්න ඕනේ කියලයි.
කොහොම වුණත්, මේ සිදුවීම නිසා ඉන්දියාවේ ඉන්න අනාගත සුපිරි තරුවක් වෙන වෛභව් ගැන හැමෝගෙම අවධානය යොමුවෙලා තියෙනවා.
මේක එයාගේ ක්රිකට් ජීවිතේ මුල් කාලයේදීම ලැබුණු හොඳ පාඩමක් විදිහටයි බොහෝදෙනෙක් දකින්නේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart