
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තණමල්විල මහා විහාරයේ තැන්පත් කර තිබූ ධාතූන් වහන්සේ ආකෘතියක් ඇතුළු භාණ්ඩ සොරාගත් සැකකරුවන් සොයා තණමල්විල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමින් යුත් රනින් නිමවූ ධාතූන් වහන්සේ, මුදලින් රුපියල් 10,000ක් සහ රුපියල් දස දහසකට ආසන්න වටිනාකමින් යුතු ජංගම දුරකථනයක් විහාරස්ථානයේ ආවාස ගෙය තුළ තිබී සොරාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.
තණමල්විල මහා විහාරයේ විහාරාධිපති හිමියන් විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බව තණමල්විල පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart