
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අසනීප තත්ත්වයෙන් පසුවන, දශක දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇතකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ජුනි මාසයේදී තායිලන්තයට රැගෙන ඒමට අපේක්ෂා කරණ බව එරට ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍ය වරවුට් සිප්ලා(Varawut Silpa-archa) පවසයි.
‘සක් සූරීන්’ නැමති මෙම ඇතා තායිලන්තයට ගෙන්වා ගැනීමේ නිශ්චිත කාල රාමුව සිය පශු වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකාවේ සංචාරයකින් පසුව සකස් කර ඇති බව ඇමතිවරයා සඳහන් කරයි.
“සක් සූරීන් තායිලන්තයට නැවත ගෙන්වා ගැනීමේ සූදානම තක්සේරු කිරීමට පශු වෛද්‍ය කණ්ඩායම ශ්‍රී ලංකාවට එවන ලදී. තොරතුරු සම්පාදනය කිරීමෙන් පසු අපි ජුනි මාසයේදී අලියා ගෙදර ගෙන ඒමට සැලසුම් කරමු. ” යැයි ඇමැතිවරයා පවසා ඇත.
ශ්‍රී ලංකාවේ සත්ව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන රාජ්‍ය නොවන සංවිධානයක් වන Rally for Animal Rights & Environment (RARE) විසින් සක් සූරීන්ට සිදුව ඇති අසාධාරණය පිළිබඳව අනාවරණය කිරීම හේතුවෙන්, තායි බලධාරීන්ට මෙම ඇතා පිළිබඳව දැනගන්නට ලැබී තිබේ.
සක් සූරීන් යනු තායිලන්තය විසින් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කරන ලද ඇතුන් තිදෙනාගෙන් කෙනෙකි. වාර්ෂික දළදා පෙරහැරේදී සර්වඥ ධාතු වැඩමවීම සඳහා උපයෝගී කරගන්නා මෙම ඇතාගේ අයිතිය කන්දේ විහාරයට පවරා ඇත.
තායි විශේෂඥයින් ද නිර්දේශ කර ඇත්තේ සක් සූරීන් උත්සවවලට සහභාගී වීම වහාම නතර කර නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා නැවත තායිලන්තයට ගෙන එන ලෙසයි.
පසුගිය නොවැම්බර් මාසයේදී සක් සූරීන් තායිලන්ත සහ ශ්‍රී ලාංකික විශේෂඥයන්ගේ රැකවරණය යටතේ මූලික ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය සඳහා දෙහිවල සත්වෝද්‍යානය වෙත මාරු කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart