
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් සිය පළමු තරග අටේදීම ලකුණු 50ට වඩා රැස්කළ පළමු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වෙමින් ඉතිහාස පොතේ ඔහුගේ නම සනිටුහන් කර ඇත.
පසුගිය වසරේ පාකිස්තානයේ Saud Shakeel ටෙස්ට් ඉතිහාසයේ ඔහුගේ පළමු තරග හතේදී ලකුණු 50ට වඩා රැස්කළ පළමු ක්‍රීඩකයා බවට පත් වූ අතර එය පෙර ටෙස්ට් තරගයේදී කමිඳු මෙන්ඩිස් සමකළ වාර්තාවකි.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ වන විට ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී කමිඳු මෙම වාර්තාව සටහන් කළේය.
තරගයේ පළමු ඉනිම අවසන් වන විට කමිඳු නොදැවී ලකුණු 51 රැස්කරගෙන සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart