April 10, 2026

ටෙස්ලා (Tesla) සමාගම සම්පූර්ණයෙන්ම අලුත්, කුඩා සහ වඩාත් ලාභදායී විද්‍යුත් SUV රථයක් නිපදවමින් සිටින බව ඒ පිළිබඳ දැනුවත් මූලාශ්‍ර 04 ක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවයට වාර්තා කර තිබේ.

මෙම SUV රථය සඳහා වන සැලසුම් පිළිබඳ විස්තර සාකච්ඡා කිරීමට එම සමාගම පසුගිය සතිවල සැපයුම්කරුවන් සම්බන්ධ කර ගෙන ඇති බව ද එම මූලාශ්‍ර අනාවරණ කර ඇත.

මෙය නවතම රථයක් වන අතර ටෙස්ලා හි දැනට පවතින Model 3 හෝ Model Y රථවල වෙනත් මාදිලියක් නොවන බව ඔවුහු සඳහන් කළහ.

මෙම සාකච්ඡා නිෂ්පාදන ක්‍රියාවලිය සහ විවිධ කොටස් සඳහා වන පිරිවිතරයන් කෙරෙහි යොමු වී ඇත.

මූලාශ්‍ර අනුව මෙම සංයුක්ත SUV රථය චීනයේ නිෂ්පාදනය කිරීමට නියමිත බවයි.

එක් මූල්‍රාශ්‍රයක් පවසා ඇත්තේ ටෙස්ලා සමාගම එහි නිෂ්පාදන කටයුතු ඇමරිකාවට සහ යුරෝපයට ද ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙම මෝටර් රථය දිගින් මීටර් 4.28 ක් (අඩි 14 ක් පමණ) වනු ඇතැයි වාර්තා වන අතර එය ටෙස්ලා සමාගමේ වැඩිපුරම අලෙවි වන Model Y රථයට (දිග අඩි 15.7 ක් පමණ) වඩා සැලකිය යුතු ලෙස කෙටි වේ.