
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පරීක්ෂා කළ වෛද්‍ය මණ්ඩලයේ සේවය කළ වෛද්‍යවරුන් 10 දෙනකුට ලබන ඔක්තෝබර් 06 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මාර්ගයෙන් කරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් මෙම නොතීසි නිකුත් කරන ලදී.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණවලට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ සුරේෂ් සලේ දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
සලේගේ හදවත විශාල වී ඇති බවත්, ඔහුගේ රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා හදවතට උපකරණයක් සවිකර ඇති බවත් පසුගියදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ විය.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මෙම තොරතුරු ඇතුළත් වූයේ ඔහුව පරීක්ෂා කළ වෛද්‍ය මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවකය.
එම වෛද්‍ය මණ්ඩලයට අනුයුක්තව කටයුතු කළ වෛද්‍යවරුන් 10 දෙනාට මෙලෙස ඔක්තෝබර් 06 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart