
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාසල් දරුවන්ට ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වා ලිංගික අතවර කළ ගුරුවරයකු ඕපනායක පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි දෙයියන්දර කැටියපේ ප්‍රදේශය පදිංචි පුද්ගලයකු බව අනාවරණය වේ.
ඕපනායක ප්‍රදේශයේ පාසලක 06වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පිරිමි හා ගැහැණු දරුවන් පහළොස් දෙනෙකුට මෙලෙස අසභ්‍ය දර්ශන පෙන්වා ලිංගික අතවර සිදුකර ඇති බව පොලීසිය පවසයි.
ඕපනායක පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කිරීමෙන් පසු මෙම ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart