
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
1980 දශකයේ අගභාගයේදී පිරිමි පාසලක සිසුන් දෙදෙනකු සමඟ ලිංගික සබඳතා පැවැත්වීමේ චෝදනාවට වරදකාරිය වූ රසායන විද්‍යා ගුරුවරියක, අධිකරණය හමුවේ පෙනී සිටීම පැහැර හැරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන දඬුවම් නියම කිරීමට නියමිතව තිබේ.
65 හැවිරිදි සැලී-ඈන් බෝවන් නමැත්තිය මෙලෙස ලිංගික අතවර කිරීම් පිළිබඳ චෝදනා හතකට මෙම වසර මුලදී වරදකාරිය වූ අතර, පසුගිය සිකුරාදා හැරෝ ක්‍රවුන් අධිකරණය හමුවේ ඇයට දඬුවම් නියම කිරීමට නියමිතව තිබිණි. එහෙත් ඇප මත සිටි ඇය සිකුරාදා උදෑසන අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කෙරිණි.
හෙමෙල් හෙම්ප්ස්ටෙඩ්හි පිහිටි ඇගේ නිවසේ නොසිටි ඇයව, පොලිසිය විසින් හැම්ප්ෂයර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. පසුව නොවැම්බර් 21 වැනි සෙනසුරාදා අක්ස්බ්‍රිජ් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අද හැරෝ ක්‍රවුන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් ඇය රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
උතුරු ලන්ඩනයේ ෆින්ච්ලි හි ක්‍රයිස්ට්ස් විද්‍යාලයේ උගන්වන විට 20 ගණන්වල මැද භාගයේ පසුවූ බෝවන්, එවකට 14ත් 15ත් අතර වයසේ පසුවූ එක් සිසුවකු සමඟ මාස කිහිපයක් තුළ 20 වතාවක් හෝ 30 වතාවක් පමණ ලිංගිකව හැසිරී ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය. තමන් ඇයට ආදරය කළ නමුත් කිසිවකුට නොකියන ලෙස බෝවන් දැඩි ලෙස අවවාද කළ බැවින් එය රහසක් ලෙස තබා ගත් බව එම වින්දිතයා ජූරි සභාව හමුවේ පැවසීය. දිවා ආහාර විවේකයේදී ආපනශාලාවකදී අනෙක් සිසුන්ගේ පෙළඹවීම මත දෙවැනි සිසුවා ඇයව සිපගත් අතර ඇගේ පියයුරු ස්පර්ශ කළ බවටද සාක්ෂි ඉදිරිපත් විය.
කෙසේ වෙතත්, චෝදනා “සම්පූර්ණ ගෙතූ කතාවක්” ලෙස ප්‍රතික්ෂේප කළ බෝවන්, තමන්ට පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන් ලිංගිකව හැසිරීම අපහසු සහ වේදනාකාරී බව කියා සිටියාය. තමන් සිසුන් සමඟ ඉඟිබිඟි නොපෑ බවත් මිත්‍රශීලීව සිටි බවත් පැවසූ ඇය, සිය ඇඳුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් තමන් “මාග්‍රට් තැචර් වගේ අඳින්න යන්නේ නැහැ” යනුවෙන් සඳහන් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart