
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ලබාගැනීම සඳහා දිනකට පුද්ගලයන් 25,000ක් පමණ ලියාපදිංචිවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජේ.ටී. චන්දන පවසයි.
මේ අනුව, සතියකට පුද්ගලයන් ලක්ෂයක් හෝ ඊට ආසන්න පිරිසක් ලියාපදිංචි වන බවද ඔහු සඳහන් කරයි.
TIN අංකය ලබාගැනීම සඳහා වැඩි වශයෙන් ලියාපදිංචි වන්නේ මාර්ගගත (online) ක්‍රමය හරහා බවත්, මීට අමතරව බොහෝදෙනකු දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලවලටද පැමිණ අදාළ අයැදුම්පත් පුරවා බාර දෙන බවත්, ලේකම්වරයා පවසයි.
මේ වන විට දළ වශයෙන් මිලියන දෙකකට වැඩි පිරිසක් TIN අංකය ලබා ගැනීම සඳහා ලියාපදිංචි වී සිටින බවත්, ඉන් මිලියනයක පමණ පිරිසක් ඉකුත් වසරේ (2023) දෙසැම්බර් 31 වැනිදා වන විටදී ලියාපදිංචිවී සිටි බවත්, ඔහු සඳහන් කර තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල සංඛ්‍යාව 15 කි.
TIN අංකය අනිවාර්ය කිරීමේ කාලය දීර්ඝ කරන ලෙස ජනතාවගෙන් විශාල ඉල්ලීමක් පවතින බවද ඔහු සඳහන් කරයි.
මේ අතර, TIN අංකය අනිවාර්ය කිරීමේ කාල සීමාව අප්‍රේල් මාසය දක්වා කල් දැමීමට රජය අවධානය යොමුකර ඇත.
මුදල් අමාත්‍යාංශය මීට පෙරදී කියාසිටියේ, පෙබරවාරි මස 01 වැනිදා සිට TIN අංකය ලබාගැනීම අනිවාර්ය බවය.
දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්ම TIN අංකය ලබාගැනීමේ පහසුකම සලසන බවත්, ඊට අදාළව විශේෂ නිලධාරියකු සහ වෙනම නිලධාරියෙකු පත්කරන බවත්, මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පසුගියදා පැවැසීය.
කෙසේවෙතත, අස්වැසුම වැඩසටහන පුළුල් අයුරින් ක්‍රියාත්මක කිරීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පැවැරී තිබෙන නිසා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින නිලධාරි හිඟය නිසා TIN අංකය අනිවාර්ය කිරීම තවත් මාස තුනකින් පමණ ප්‍රමාද කිරිමට රජයේ අවධානය යොමු වී ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් පසුගියදා කියාසිටියේ, TIN අංකය ලබාදීමේ වැඩසටහන රජය ආරම්භ කළද, එම කටයුතු සිදුකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් පරිදි නිලධාරීන් නොමැති බවය.
කෙසේවෙතත්, මාර්ගගත ක්‍රමයට (Online) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ අදාළ පෝරම පුරවා ටින් අංකය ලබා ගැනීමේදීද විවිධ දෝෂ ඇතිවන බව ද අනාවරණය වේ.
මෙම ගැටලුකාරී තත්ත්වයන් ද නිවැරදි කරගෙන තවත් මාස තුනකින් පමණ ටින් අංකය අනිවාර්ය කිරීමට රජය අවධානය යොමුකර තිබේ.(අරුණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart