
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බංග්ලාදේශයේ ඉකුත් දා පැවැති මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි කර ගත් අග්‍රාමාත්‍ය තරික් රහ්මාන් එම ධූරයේ දිව්රුම් දීම අද සිදු කෙරිණි.
ඒ, ඒ සඳහා පැවැති රාජ්‍ය උත්සවයේදීයි.
දෙස් විදෙස් ආරාධිතයින් රැසක් ඒ සඳහා සහභාගී වූ අතර අසල්වැසි ඉන්දියාවෙන් එම උත්සවය සඳහා සහභාගී වූයේ කතානායක ඕම් බිරාල් වේ.
එහිදී බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයා හමුවූ ඉන්දීය කතානායකවරයා ඔහුට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සුබ පැතුම් පතක් පිරිනමා තිබේ.
එමෙගින් බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයෙන් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ ජයග්‍රහණය සහ අගමැති ධුරයට පත්වීම පිළිබඳව තාරික් රහ්මාන්ට අගමැති නරේන්ද්‍ර මෝදි සුබ පැතුම් එක් කර තිබේ.
එමෙන්ම අලුතින් පත් වූ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයාට ඉන්දියාවට පැමිණෙන ලෙස ද අග්‍රාමාත්‍ය මෝදි එම ලිපියෙන් ආරාධනා කර ඇත.
මැතිවරණයෙන් ලද ජනවරම මගින් රහ්මාන්ගේ නායකත්වය සහ සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා වූ දැක්ම කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය පිළිබිඹු වන බව අගමැති මෝදි සිය පණිවිඩයේ සඳහන් කළේය.
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ගැඹුරින් මුල් බැසගත් සබඳතා අවධාරණය කළ මෝදි සම්බන්ධතාවය, වෙළඳාම, තාක්ෂණය, බලශක්තිය සහ සංස්කෘතික හුවමාරු ක්ෂේත්‍රයේ සහයෝගීතාවය ඉස්මතු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart