
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන්ට ද 2019 වසරේදී නඩු විභාගයක් අතරතුර මියගිය ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මොර්සිට අත් වූ ඉරණමට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවිය හැකි බවට සිය පියා කලින්ම අනතුරු අඟවා තිබූ බව පකිස්ථානයේ හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන්ගේ පුත්රයා පවසයි.
තමන්ට වධහිංසා පමුණුවන බවට පකිස්ථාන හිටපු අග්රාමාත්යවරයා ප්රකාශ කිරීමෙන් පසුව, එනම් පසුගිය අගෝස්තු මාසයේ සිට කිසිවෙකුටත් තම පියාගෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
බ්රිතාන්ය ජාතික ජෙමීමා ගෝල්ඩ්ස්මිත් සමග සිදුවූ ඉම්රාන් ඛාන්ගේ පළමු විවාහයේ පුත්රයකු වන සුලෙයිමාන් ඛාන් චෝදනා කරන්නේ තම පියාගේ ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි. තම පියා දිගින් දිගටම සිරගත කර තැබීම සම්බන්ධයෙන් ඔහු පකිස්ථාන හමුදාපති ජෙනරාල් අසීම් මුනීර්ට චෝදනා කරයි.
74 හැවිරිදි ඉම්රාන් ඛාන් මූල්ය දූෂණ හා අල්ලස් චෝදනාවලට වරදකරු වීමෙන් පසුව රාවල්පින්ඩිහි පිහිටි දැඩි ආරක්ෂිත අඩියාලා සිරගෙදර සිරදඬුවම් විඳිමින් සිටී. සිරගෙදරදී ඔහුට සිදුවන සැලකිලි සහ ඔහුගේ පිරිහෙන සෞඛ්ය තත්ත්වය පිළිබඳව ඔහුගේ පවුලේ අය වරින් වර දැඩි කණස්සල්ල පළ කර ඇත.
නඩු 100 කට වැඩි සංඛ්යාවකට මුහුණ දී සිටින පකිස්ථාන හිටපු අග්රාමාත්යවරයා මෙන්ම හිටපු ජාතික ක්රිකට් නායකයා වන ඉම්රාන් ඛාන් දැනට පසුවන්නේ හුදකලා සිරදඬුවමකය. කෙසේවෙතත්, තමන්ට එල්ල වී ඇති සියලු චෝදනා දේශපාලනමය පලිගැනීම් ලෙස හඳුන්වමින් ඔහු ඒ සියල්ල ප්රතික්ෂේප කරයි.
සුලෙයිමාන් ඛාන් පෙන්වා දෙන්නේ මාස කිහිපයක සිට තම පවුලේ අයට හෝ පියාගේ නීතිඥයින්ට ඔහුගෙන් කිසිදු තොරතුරක් ලබාගැනීමට නොහැකි වී ඇති බවයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart